ව්‍යාපාරිකයාගේ නිවසේ ස්වයංක්‍රීය ගේට්ටුවට හසු වී සේවකයා අවසන් ගමන් යයි

බේරුවල මස්සල සමඩ් මාවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක ඉදිරිපිට තිබෙන ස්වයංක්‍රීය ගේට්ටුවකට හසු වී අද (16)පෙරවරුවේ අවාසනාවන්ත ලෙස පුද්ගලයෙකු මිය ගොස් තිබෙන බව බේරුවල පොලිසිය සඳහන් කරනවා .
මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල, මහගොඩ, 46/1 , පදිංචිව සිටි 58 හැවිරිදි සෙයි නදීන් මොහොමඩ් නිසාම් නම් වූ පුද්ගලයෙක් .
මියගොස් තිබෙන පුද්ගලයා එම නිවසේ වසර ගණනාවක් සේවය කර තිබෙන අයෙකු බවයි පොලිසිය පැවසුවේ .
මියගිය පුද්ගලයා උදෑසන 8.30ට පමණ ගේට්ටුවෙන් ඇතුළට පැමිණෙන විට මෙලෙස එම ස්වයංක්‍රීය ගේට්ටුව එකවරම පහළට පැමිණීමේදී සිරුර හසු වී මිය ගොස් ඇති බව වාර්තා වෙනවා .
මේ සම්බන්ධයෙන් අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් හා පශ්චාත් මරණ පරීක්‍ෂණයක් සිදු කිරීමටද නියමිත බවයි සඳහන් වන්නේ .
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා .