ජර් මනියේ නිල සංචාරය අවසන් කළ ජනපති යළි දිවයිනට

ජර් මනියේ නිල සංචාරය අවසන් කළ ජනපති යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයකට සහභාගී වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) උදෑනම දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා එක්ව සිටි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

ඔවුන් අද උදෑසන 08.58ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.

පසුගිය 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ජර්මනියේ නිල සංචාරයක නිරතවූ අතර ඒ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් – වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනයකට අනුවය.

COMMENTS