කෙහෙළියගේ නිවසක සේවිකාවක් අත්අඩංගුවට

කෙහෙළියගේ නිවසක සේවිකාවක් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසක සේවය කළ සේවිකාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.

ෙසෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම පිලිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ඳව මේ වන විට කොමිශන් සභාව විසින් සිදුකරගෙන යන විමර්ශනයට අදාළව මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුබසිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තියයි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙමස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.