දේශබන්දු අදත් විමර් ශන කමිටුව ඉදිරියට

දේශබන්දු අදත් විමර් ශන කමිටුව ඉදිරියට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(11) පස්වැනි දිනටත් පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද (11) පෙරවරු 9.30 ට කමිටුව රැස්වීමට නියමිතයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව රැස්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව පසුගිය (19)වන දිනටත් පාර්ලිමේන්තුවට රැස්ව තිබුණා.

ඒ සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පෙනී සිටියා.

විමර්ශන කමිටුව පසුගිය (19) දින පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූ අතර ඒ අවස්ථාවේදී කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාට දැනුම් දී තිබුණා.

එහි දී චෝදනා 22ක් සහිත චෝදනා පත්‍රයක් දේශබන්දු තෙන්නකෝන් මහතාට කමිටුව විසින් භාර දුන්නා.

තමන් වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය කාලයක්ද ඔහුට ලබා දීමට කමිටුව කටයුතු කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් මේ කමිටුව විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් එක්ව සිටියා.

මෙම කමිටුව පළමු වතාවට අප්‍රේල් 23දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර ඉන් පසුව පරීක්ෂණ කමිටුව අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වුණා.

කමිටුවේ සහාය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද පත් කර තිබුණා.

COMMENTS