ඒකක අනුව විදුලි ගාස්තු වැඩිවන ආකාරය ප්‍රකාශයට පත් කෙරේ

ජුනි 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 15% කින් වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.
ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා ඒකක 30 දක්වා මාසික විදුලි පරිභෝජනයක් ඇති කාණ්ඩය සඳහා විදුලි බිලෙහි මිල ඉහළ යෑම රුපියල් 20ක් පමණක් බවයි සඳහන් වන්නේ.
ඒකක 60ක පරිභෝජනය සඳහා මාසික මිල ඉහළ යෑම රුපියල් 85ක් පමණක් වන අතර, ඒකක 90ක මාසික පරිභෝජනය සඳහා රුපියල් 240ක් දක්වා ඉහළ යන බවත්, ඒකක 120ක පරිභෝජනය සඳහා රුපියල් 360ක්ද, ඒකක 150ක මාසික පරිභෝජනය සඳහා රු. 600ක්ද, ඒකක 180ක මාසික පරිභෝජනය සඳහා රු. 840ක්ද, ඒකක 300ක මාසික පරිභෝජනය සඳහා සමස්ත මිල ඉහළ යෑම රුපියල් 2020 ක්ද ලෙස සඳහන් වෙනවා.
අදාළ නිවේදනය පහතින්.



