නැවේ පිපිරීමෙන් පසු සිව් දෙනෙකු අතුරුදන්

ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයට ආසන්න අරාබි මුහුදේ සිංගප්පූරු ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්න මැඩ පැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය තවදුරටත් උත්සාහ ගනිමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ සිට ඉන්දියාවේ මුබ්බායි නගරය බලා යමින් තිබූ MV Wan Hai 503 නම් වූ මෙම නෞකාවේ අභ්‍යන්තර පිපිරීමක් ඊයේ (09) දින සිදුවූ අතර එහි ප්‍රථිඵලයක් ලෙස නෞකාවේ ගින්නක්ද ඇති විය.
කාර්ය මණ්ඩල සාමාජිකයින් 22 දෙදෙනෙකුගෙන් සමන්විත වූ මෙම නෞකාවේ සාමාජිකයින් 18 දෙනෙකු බේරාගෙන ඇති අතර තවත් හතර දෙනෙකු අතුරුදන් වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
සිද්ධියෙන් නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා සිංගප්පූරුවද කණ්ඩායමක් යොමු කිරීමට කටයුතු කර ඇත.
බේරාගත් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනොගෙන් ඇතැම් පිරිස් තුවාල ලබා ඇතැයිද ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමටද පියවර ගෙන තිබේ.
සිංගප්පූරු සමුද්‍රීය හා වරාය අධිකාරිය පැවසුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු අතුරුදන් වී ඇතැයිද ඔවුන්ගෙන් දෙදෙනෙකු තායිවාන් ජාතිකයෙකු බවත් එක් අයෙකු මියන්මාරයේ සහ තවත් අයෙකු ඉන්දුනීසියානු ජාතිකයෙකු බවත් සඳහන් වේ.
මේ අතර නෞකාවේ තෙල් කාන්දුවක් සහ සුන්බුන් ඇතිවීමේ අවදානම හේතුවෙන් ඉන්දීය ජාතික සාගර තොරතුරු සේවා මධ්‍යස්ථානය කේරළ වෙරළ තීරයට අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇතැයිද වාර්තා වේ.
මේ අතර වාර්තා වන පරිදි නෞකාවේ තිබූ බහාලුම් 50ක් මුහුදුට වැටී ඇති බවත් වාර්තා වේ.