යුද හමුදාවෙන් ඉවත් වූ 10,000ක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම්

යුද හමුදාවෙන් නීත්‍යානුකුලව ඉවත් වු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඒ අනුව සක්‍රීය හමුදා සේවයේ සිට, නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත්ව සිටින වයස අවුරුදු 45ට අඩු යහපත් කල්ක්‍රියාවෙන් කටයුතු කරන පුද්ගලයින් විය යුතු බව ආනන්ද විජේපාල මහතා පවසනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (08) තඹුත්තේගම පොලිස් අධිකාරී කාර්යාලය විවෘත කිරීම වැඩසටහනට එක්වෙමින් මේ බව සඳහන් කළා.
එම පිරිස වසර 05ක කාලයක් සඳහා බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (09) දිනයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.