රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර් ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර් ග 1200ක්

දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් බහුතරයක් සිදුව ඇත්තේ ආරක්ෂිත ක්‍රමවේද සහිත දුම්රිය හරස් මාර්ගවල බවට කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගියදා කැඳවූ අවස්ථාවේ දී මේ බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන්ගෙන් විමසීමක් කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක් පමණ මෙරට පවතින බවය.

මේ අතර මෙහිදී අදහස් දැක්වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික අංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී කේ.කේ හේවාවිතාරණ මහතා ප්‍රකාශ කළේ නව දුම්රිය මැදිරි කට්ටල 5ක් මිලදී ගැනීම සඳහා අනුමැතිය හිමිව ඇති බවය.

එම දුම්රිය මැදිරි සියල්ල තුන්වන පන්තියේ වායු සමීකරණය කරන ලද මැදිරිවලින් යුක්ත බව කේ.කේ හේවාවිතාරණ මහතා පවසයි.

COMMENTS