වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වර් ජනය අවසන්

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වර් ජනය අවසන්

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය, අද (08) උදෑසන 8 ට අවසන් විය.

පරිපූරක වෛද්‍ය සේවයේ වෘත්තීන් 5 කට අයත් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කළේ, පසුගිය 5 වැනිදායි.

ඒ, උසස් වීම් ප්‍රමාදය, සම සෞඛ්‍ය විද්‍යා පීඨ උපාධිධාරීන් සේවයට බඳවා නොගැනීම ඇතුලු ගැටලු 5 ක් මුල් කර ගනිමිනි.

ඉන්, වෘත්තීන් 4 කට අයත් පිරිස් ආරම්භ කළ වැඩවර්ජනය ඊයේ (07) උදෑසන 8 ට අවසන් විය.

ඒ අනුව සිය සාමාජිකයින් ද, අද උදෑසන 8 ට වර්ජනය අවසන් කරන බව, වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ සංගමයේ උප ලේකම් ලෙසන්ත චතුරංග මහතා සඳහන් කළේ ය.