අලුත් ක්‍රමයට සූදානම් නැත්නම් නිලධාරීන්ට ජනපතිගෙන් රතු එළියක්

දේශපාලන මතභේද කුමක් තිබුණත් පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා එකට එක්ව කටයුතු කිරීමේ හැකියාවක් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
2025 ජගත් පරිසර දිනය අමතමිනුයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ.
ජගත් පරිසර දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(05) පෙරවරුවේ කෑගල්ල නිදහස් මාවතේ දී පැවැත්වුණා.
1972 වසරේ ජූනි මස 5 වනදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ආරම්භ වූ මානව පරිසරය සුරැකිම සඳහා වූ එක්සත් ජාතීන්ගේ සමාරම්භක සමුළුවේ දී ගත් තීන්දුවට අනුව සෑම වසරකම ලෝක පරිසර දිනය සැමරීම සිදුකෙරෙනවා.
ඒ අනූව ලෝක පරිසර දින සැමරුම මෙවර සිදුවන්නේ 53 වන වසර ලෙසටයි.
ජගත් පරිසර දින ජාතික උත්සවය මෙවර පැවැත්වුණේ කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදි.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන්.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ මෙන්ම පාසල් දරු දැරියන් ඇතුලු පිරිසක් උත්සවයට සහභාගී වුණා.