වාහන ආනයනයෙන් රජයට මේ දක්වා රු.බිලියන 136ක ආදායමක් – COPF

වාහන ආනයනයෙන් රජයට මේ දක්වා රු.බිලියන 136ක ආදායමක් – COPF

වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් බිලියන 450ක ආදායම වසර අවසානය වනවිට ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කර තිබේ.

ඔවුන් සඳහන් කළේ වසරේ ගතවූ පළමු මාස පහ තුළ පමණක් වාහන ආනයනයෙන් රුපියල් බිලියන 136ක ආදායමක් ලබාගෙන ඇති බවය.

එසේම, ආන්දෝලනාත්මක කන්ටේනර් 323ක් රේගුවෙන් නිදහස් කිරීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණ කමිටුවේ වාර්තාව ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවද එහිදී අනාවරණ විය.

COMMENTS