කාර් යාල ඇතුළට මුඛ ආවරණය තවම අවශ්‍ය නැතැයි සෞඛ්‍ය අංශ කියයි

කාර් යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පළදින ලෙස උපදෙස් දිමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.
ඉන්ෆ්ලුවන්සා සහ කෝවිඩ් වෛරසයක් වර්ධනය වන බැවින් කාර්යාල පරිශ්‍ර තුළ සහ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල මුඛ ආවරණ පළදින ලෙස බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පාලනගේ අත්සනින් ලිපියක් නිකුත් කර තිබෙනවා.
එහෙත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ පිළිබඳ නැවත සිතා බලන ලෙසයි අදාළ පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙන්නේ .
කෝවිඩ් රෝගය ද සෙසු බෝවන රෝග ඝනයට ඇතුලත් කර තිබෙනවා.
ශ්වසන රෝග ද වැසි කාලයේ දී වැඩි වීමත් සමග කෝවිඩ් 19 රෝගය ද ඇති විමේ හැකියාවක් පවතින බවයි ලේකම්වරයා පෙන්වා දෙන්නේ.
මේ අනුව කැස්ස , සෙම් ප්‍රතිශ්‍යාව ඇති අය සේවයට පැමිණීම සිමා කිරිමේ අවශ්‍යතාවක් නැතැයි ද රෝග ලක්ෂණ ඇති අය පමණක් මුඛ ආවරණ පැළඳවීම ප්‍රමාණවත් බව ද සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කරනවා.