සෑම දරුවෙකුටම අනන්‍ය දත්ත ගොනුවක් සහ හැදුනුම්පතක්

සෑම දරුවෙකුටම අනන්‍ය දත්ත ගොනුවක් සහ හැදුනුම්පතක්

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත තොරතුරු ඇතුළත් ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතිය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැළසුම්කර තිබෙනවා.

ඊට සමගාමීව දරුවන් පාසලට ඇතුළත් කිරීම / ගුරු සහ විදුහල්පති පුරප්පාඩු පත්වීම් ලබාදීම / ස්ථාන මාරු අඛණ්ඩ ඇගයීම් ක්‍රම වේද / පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය ඇතුළු පාසල් පද්ධතියේ සියලු කාර්යයන් කාර්යක්ෂමව සහ ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම දත්ත පද්ධතිය සකස් කෙරෙනවා.

උප්පැන්න සහතිකය / විභාග ප්‍රතිඵල / කුසලතා / නිපුනතා ඇතුළු දරුවන්ගේ සියලු දත්ත මෙම පද්ධතියට ඇතුළත් කිරීමට මෙහිදී යෝජනා කෙරුණා.

පාසල් පද්ධතියට ඇතුළත් වන සෑම දරුවෙකුට අනන්‍ය වූ දත්ත ගොනුවක් සහ හැදුනුම්පතක් හදුන්වාදීමට ද නියමිතයි.

ලබන වසරේ පළමු වසරට සහ 6 වසරට ඇතුළත් වන දරුවන් මූලික කර ගනිමින් දත්ත පද්ධතියේ කටයුතු ආරම්භ කිරීමට සැකච්ඡාවේදී තීරණය කෙරුණා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

COMMENTS