ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයින තුළ රැකියා අවස්ථා ලක්ෂයක්

ශ්‍රී ලාංකිකයන්ට මාලදිවයින තුළ රැකියා අවස්ථා ලක්ෂයක්

ශ්‍රී ලාංකිකයන් සඳහා මාලදිවයින තුළ රැකියා අවස්ථා ලක්ෂයක් උදාවී ඇති බව ශ්‍රීලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් මසූද් ඉමාද් මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් මසූද් ඉමාද් මහතා මේ බව ප්‍රකාශ කළේ විදේශ කටයුතු / විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවූ අවස්ථාවේදියී.

එම අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුවුණා.

මහ කොමසාරිස්වරයා මෙහිදී තවදුරටත් පැවසුවේ මාලදිවයින තුළ මේ වන විට ශ්‍රී ලාංකිකයන් තිස් දහසක් පමණ විවිධ රැකියාවන්හි නිරතව සිටින බවයි.

පුහුණු ශ්‍රමික සහ වෘත්තීමය යන කාණ්ඩවල රැකියා අවස්ථා වැඩි කිරීමට ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවද ඒ මහතා සඳහන් කළා.

මාලදිවයිනේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සිය විදේශ ප්‍රේෂණ ලංකාවට එවීමේදී මතුව ඇති ගැටලු විසදීමට දැනටමත් පියවර ගෙන ඇති බව ඒ මහතා අමාත්‍ය විජිත හේරත් මහතා හමුවේ සහතික වුණා.

COMMENTS