පොසන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

පොසන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

අනුරාධපුරයේ මෙවර පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

මිහින්තලය හා අටමස්ථානය මුලික කොටගෙන එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක අතර ඒ සඳහා පොලිස් නිලධාරින් 8,000ක් යොදවන බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළා.

ලබන 08 වැනිදා සිට ඔවුන් රජකාරිවල යෙදවීමට නියමිතයි.

පොලිස් ජිවිතාරක්ෂක කණ්ඩායම්,රථවාහන හැසිරවීමට නිලධාරින් සහ ආරක්ෂක කටයුතු සඳහා එම පොලිස් නිලධාරින් යෙදවීමට නියමිතයි.

COMMENTS