ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ කාර් යාලයෙන් පතරොම් 06ක් හමුවෙයි

රැඳවුම් නියෝග මත දින 90ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මඩකලපුවේ පිහිටි කාර්යාලය පසුගිය 30 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ඇතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි සෝදිසියකට ලක්කර තිබෙනවා.
එම කාර්යාලය තුළ අවි ආයුධ සඟවා ඇති බවට ලැබී තිබුණු තොරතුරකට අනුව මෙම සෝදිසිය සිදුකර ඇති අතර එහි දී මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවිවලට යොදන පතරොම් 06ක් හමුවී තිබෙනවා.
ඒ හැරුණු කොට ජංගම දුරකතන 3ක්ද , රියැදුරු බලපත්‍රයක්ද, විදෙස්ගමන් බලපත්‍රයක්ද හමුවූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැර ගැනීම සහ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අප්‍රේල් 08 වැනිදායි.
පැහැරගත් මහචාර්යවරයා ඝාතනයකර ඇති බව විමර්ශනවලින් මේ වන විට හෙළිවී ඇති අතර සිරුර ජල පහරකට දමා ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබුණා.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන පවත්වන බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.
මෙම අපරාධය හැරුණු කොට තවත් බොහෝ අපරාධ හෙළිවෙමින් ඇති බව ද එම නිලධාරියා පැවසුවා.
පිල්ලෙයාන්ගේ රියැදුරාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් 17 වැනිදා අත්අඩංගුවට ගත්තා.
ඔහුද සිටින්නේ රැඳවුම් භාරයේයි