පොසොන් සමයේ අනුරාධපුරයට එන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර

පොසොන් වන්දනාවේ පැමිණෙන ජනතාවගේ සෞඛ්‍යට හා ආරක්ෂිත ප්‍රවාහනයට එල්ල විය හැකි බාධා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත පරීක්ෂා කිරිම් රැසක් සිදු කෙරුණා.
පොසොන් සමයේ අනුරාධපුරයට වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන තිබෙනවා.
එහෙත් නගරයේ වෙළඳසැල්වල පිරිසිදු භාවය මෙන්ම ප්‍රවාහන සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් කුලතුංග මහතා ආහාර පාන අලෙවිසැල් පරීක්ෂාවට ලක්කළා.
එමෙන්ම තවත් ස්ථාන රැසක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
වෙළදසැල්වල සේවකයන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් ද නගරයේ අදාළ ස්ථාන පරීක්ෂා කර තිබෙනවා.
ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහායි මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ.