IPL අවසන් සටනට RCB

18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම සමත් විය.
මෙය IPL ඉතිහාසයේ බැංගලෝරු කණ්ඩායම අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ 4වන අවස්ථාව වේ.
මීට පෙර ඔවුන් 2009, 2011 හා 2016 වර්ෂයන්හි එම අවස්ථාව හිමිකරගෙන තිබුණි.
කෙසේ නමුත් ඒ කිසිම අවස්ථාවක ඔවුන්ට අවසන් තරගය ජයගැනීමට හැකිවී නොමැත.
තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගය (Qualifier-1) ඊයේ (29) රාත්‍රියේ පැවති තරගයෙන් ඔවුන් විසින් පංජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කළේය.
පංජාබ් මව් ක්‍රීඩාංගණයක් වූ චන්දිගාර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පංජාබ් කණ්ඩායමට පන්දුවාර 14.1කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 101ක් පමණි.
බැංගලෝරු වෙනුවෙන් සුයාෂ් ශර්මා (3/17), ජොෂ් හේස්ල්වුඩ් (3/21) හා යෂ් දයාල් (2/26) කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූහ.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ මාකස් ස්ටොයිනිස් ලකුණු 26ක් රැස්කළේය.
මෙහිදී ලකුණු 102ක පහසු ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී තරගයේ 10වන පන්දුවාරයේදී බැංගලෝරු කණ්ඩායම හඹාගියේය.
පිල් සෝල්ට් පන්දු 27කින් නොදැවී ලකුණු 56ක් රැස්කරමින් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් රැගෙන ආවේය.
තරගයේ වීරයා ලෙස සුයාෂ් ශර්මා සම්මාන දිනාගත්තේය.
කෙසේ නමුත් පරාජය වූ පංජාබ් කණ්ඩායමට තවදුරටත් තරගාවලියේ රැඳී සිටීමට අවස්ථාව ඉතිරිව ඇත.
ඔවුන්ට අද (30) පැවැත්වෙන ගුජරාට් ටයිටන්ස් – මුම්බායි ඉන්දියන්ස් Eliminator තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග නැවත තරගවැඳී අවසන් මහා තරගයේ දොරටු විවරකරගැනීමට අවස්ථාව තිබේ.