මහින්දානන්ද සහ නලීන් ජම්පරේ අදී

බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනාට ජම්පරය අන්දවා ඇති අතර නිදාගැනීම සඳහා පැදුරක් සහ කොට්ටයක් ලබාදී ඇති බවටද වාර්තා වනවා.
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඊයේ (29) දිනයේදී නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවමක් සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20 සිරදඬුවම් නියම කළා.
සතොස ආයතනය හරහා ආනයනය කරන ලද කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් 2015 ජනාධිපතිවරණ සමයේ නීතිවිරෝධි ලෙස ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීමෙන් රජයට සිදුවූ රුපියල් මිලියන 53.1ක් පාඩුකිරීමට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු වරදකරුවන් කෙරුණා
ඊට අමතරව විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ හතරක දඩයක් සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට රුපියල් ලක්ෂ දෙකක දඩයක්ද නියම කෙරුණා.
දඬුවම් නියමවූ හිටපු අමාත්‍යවරුන් දෙදෙනා ඊයේ (29) පස්වරුවේම වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආවා.