පරිපූරක වෛද්‍ය සේවකයන්ගෙන් අනතුරු ඇඟවීමක්

සිය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටලු සඳහා රජය විසින් විසඳුම් ලබානොදිම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ග වෙත එළඹීමට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව සිය ගැටලු සඳහා අද (26) දිනය තුළ විසදුම් ලබා නොදෙන්නේ නම් හෙට (27) දින උදෑසන 08.00ට වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව එම බල මණ්ඩලය පවසයි.
පරිපූරක වෛද්‍ය සේවාවේ පැනනැගි ඇති ගැටලු විසඳා ගැනීමට සෞඛය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග අවස්ථා කිහිපයකදි සාකච්ඡා සිදු කළද ඒ සියල්ලක්ම අසාර්ථක වු බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.
රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් උපාධි හදාරණ ලද සිසුන් සෞඛ්‍ය වෘතින් සඳහා බදවා නොගැනීම,පවතින පුරප්පාඩු සඳහා විසඳුම් ලබානොදීම ඇතුළු කාරණා රැසක් මුලික කරගනිමින් මෙම වෘතිය ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇති බව සඳහන් වේ.