අනුදි රූ රැජින අවසන් වටයට

72 වැනි ලෝක රූ රැජින තරගාවලියට ශ්රී ලංකාව නියෝජන කරමින් සහභාගි වී සිටින අනුදි ගුණසේකර එහි අවසන් 24 දෙනාගේ තරග වටයට තේරී පත්ව සිටිනවා.
එම තරගාවලියේ HEAD TO HEAD Presentation තරග වටයේදී සෝමාලියානු රූ රැජින ඇගේ රටේ, දිගුකාලීන හා දැඩි මතභේදාත්මක සංස්කෘතික පිළිවෙතක් සමබන්ධයෙන් කළ ප්රකාශය බොහෝ දෙනාගේ අවධානයට යොමුවුණා.
72 වැනි ලෝක රූ රැජින තරගාවලිය මේ දිනවල ඉන්දියාවේ තෙලන්ගානා හි පැවත්වෙන අතර එහි ප්රධාන ඉසව්වක් වන Head TO Head Presentation අංශයෙන් ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවන අනුදි ගුණසේකර සිදුකළ ඉදිරිපත් කිරිම ලෝකයේ බොහෝදෙනාගේ අවධානය යොමු වුනා.
අනුදිගේ මෙම ආරම්භක දේශනය ඇයව එම තරගයේ අවසන් තරගකාරියන් 24 දෙනා අතර ගෙන යාමට සමත් වුණා.
එම තරග ඉසව්වේදි සෝමාලියාව නියෝජනය කරමින් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ සෙනීබ් ජමා ඇගේ ළමාවිය පිළිබඳව සංවේදී හෙළිදරව්වක් සිදුකරනු ලැබුවා.