අධිවේගී මාර් ගවල ගාස්තුව බැංකු කාඩ් පත්වලින් ගෙවීම අද සිට

අධිවේගී මාර්ගවල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමට අද(21) සිට පහසුකම් සැලසා තිබේ.
වරාය ගුවන්සේවා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පැවසුවේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ, කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ හා මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල හා මීරිගම අතර කොටසේ ඒ අනුව කාඩ්පත් මගින් ගෙවීම් කළ හැකි බවයි.
අන්තර් හුවමාරු 35ක හා පිටවීම් ගේට්ටු 119කදී ඒ සඳහා පහසුකම් සලසා තිබේ.
නව වැඩපිළිවෙළ පිළිබඳ නිලධාරීන්ට පුහුණුවක් ලබා දී ඇති බවද අමාත්ත්යාංශය ප්‍රකාශ කළේ ය.
රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක මෙම වැඩපිලිවෙල තුළින් අධිවේගී මාර්ගවල ගෙවීම් කිරීමේදි සිදුවන මාර්ග තදබදය අවම වී ගෙවීම් කිරිමට ගතවන කාලයද ඉතිරිවන බව වරාය ගුවන්සේවා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පවසයි.