ජනපති නියමයෙන් නව පත්වීම් තුනක්

ජනපති නියමයෙන් නව පත්වීම් තුනක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා මහතා පත් කරනු ලැබ තිබේ.

එමෙන්ම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කර ඇත.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතාව ජනපති නියමයෙන් ඒ සඳහා පත් කරනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ අතර, ජනපති නියමයෙන් උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් මහත්මිය පත් කර තිබේ.

ඊට අදාළ පත්විම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්ම මහත්මීන් වෙත පිළිගන්වන ලදී.

COMMENTS