සමත් අසමත්භාවය නොසලකා උසස් පෙළ හැදැරීමට සිසුන්ගෙන් අයදුම්පත් කැඳවයි

සමත් අසමත්භාවය නොසලකා උසස් පෙළ හැදැරීමට සිසුන්ගෙන් අයදුම්පත් කැඳවයි

උසස් පෙළ වෘත්තිය විශය ධාරාව යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව වෘත්තිය විෂය ධාරාව සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සාමාන්‍ය පෙල විභාගයේ සමත් අසමත් භාවය සලකා නොබලනු බව අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

අමාත්‍යංශය පැවසුවේ https://moe.gov.lk/2025/05/37984/ යන සබැඳියට පිවිසීමෙන් ඒ සඳහා අයදුම්පත් ලබා ගත හැකි බවය.

COMMENTS