මේ දක්වා මාරක රිය අනතුරු 944ක් – පුද්ගලයන් 1007ක් මරුට

මේ දක්වා මාරක රිය අනතුරු 944ක් – පුද්ගලයන් 1007ක් මරුට

2025 වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු 944කින් පුද්ගලයින් 1007 දෙනෙකු මියගොස් තිබේ.

අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඒ බව සඳහන් කළේය.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා පවසා සිටියේ, පොලීසිය විසින් රිය අනතුරු පාලනය කර ගැනීම සඳහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන්න සෙවීමේ මෙහෙයුම් ඇතුළු විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවය.

ඒ අනුව, ජනවාරි පළමු වෙනිදා සිට මැයි මස 18 වන දින දක්වා කාලය තුළ බීමත් රියදුරන් 26,413ක් නීතිය හමුවට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

COMMENTS