ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අදයි

ලෝක කම්කරු දිනය අදටයෙදී තිබේ.

අද (01) අපි සමරන්නේ 139 වැනි ලෝක කම්කරු දිනයයි.

1886 මැයි මාසයේ පළවෙනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වී සටන් කළේ පැය අටක වැඩ මුරයක් සඳහායි.

අද අපි සිහිපත් කරන්නේ ඒ සටනේ ජයග්‍රහණයි.

ඒත් ඇත්තටම අද අපේ රටේ මේ දවස සමරන්නේ කවුද ?

මේ පිටුපසින් ඉන්න අපි හැමෝමත් ඔබ වගේම වැඩ කරන මිනිස්සු.

අව් වැසි, ලෙඩ දුක් ගැන නොසිතා වැඩ කරන මිනිස්සු.

ලෝකයේ මහා නිමැවුම් කෙරුණේ වැඩ කරන මිනිසුන්ගේ දෑතින්.

අධිවේගී පාරවල් නිර්මාණය වූයේ , මහා වරායන් ගොඩ නැගුනේ, අහස උසට විසල් ගොඩ නැගිලි ඉදිවූයේ , නව නිපැයුම් නිමැවුනේ, කම්හල් වැඩ බිම්වල දහඩිය හෙලන වැඩකරන ජනතාවගේ අතනි.

ඒ කිසිම නිමැවුමක වැඩ කරපු මිනිස්සුන්ගේ නම් නොලියුනි.

ලියවුනා නම් ලියවුනේ නායකයින්ගේ නැත්නම් පාලකයින්ගේ නම් පමණි.

නමුත් රටක් ජාතියක් ගොඩ නංවන්න දිවා රෑ වෙහෙසෙන වැඩ කරන ජනතාව වැඩි වැඩියෙන් කථා කරන්න පටන් ගත යුතුයි

අද දවස ආරම්භයේදීම අපේ රටේ සුවහසක් වැඩ කරන ජනතාව වෙනුවෙන් “My newslanka” අපි අපේ උත්තමාචාරය පිරිනමමි.

ඔබට ජය!

COMMENTS