ප්‍රසන්න රණවීර අත්අඩංගුවට නොගන්නා ලෙසට ඉදිරිපත් කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මර්වින් සිල්වා ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.