යුක්‍රේනයට ලබාදෙන හමුදා ආධාර අත්හිටුවීමට ඇමරිකාව තීරණය කරයි

යුක්රේනයට ලබාදෙන හමුදා ආධාර අත්හිටුවන බව ධවල මන්දිරය ප්‍රකාශ කරනවා.
ඇමරිකාව යුක්රේනයට ලබාදෙන හමුදා ආධාර අත්හිටුවන බව ධවල මන්දිර නිලධාරියෙකු ප්‍රකාශ කළා.
වසර තුනකට පෙර රුසියාව පූර්ණ පරිමාණ ආක්‍රමණයක් දියත් කළ දා සිට යුක්‍රේනයට ආයුධ, උපකරණ සහ මූල්‍ය ආධාර ඇතුළු විශාලතම යුද ආධාර සපයන රට වන්නේ ඇමරිකාවයි.
ට්‍රම්ප් යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි විවේචනය කිරීමෙන් පැය කිහිපයකට පසුවයි මෙම අත්හිටුවීම සිදු කර ඇත්තේ.
මේ අතර, බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් යුද්ධය අවසන් කිරීමට කරුණු හතරක සැලැස්මක් ප්‍රකාශයට පත් කළා.
එහෙත් යුරෝපීය නායකයින් පසුගිය ඉරිදා පැවති සමුළුවකින් අනතුරුව කියා සිටියේ ඇමරිකා උදව් නොමැතිව යුක්රේනයේ සාමය සහතික කළ නොහැකි බවයි.