ජනතාව පිඩාවට පත් කරන අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර් ග සිදු කරන්න එපා

ජනතාව පිඩාවට පත් කරන අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර් ග සිදු කරන්න එපා

ජනතාව පිඩාවට පත් කරමින් අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග සිදු නොකරන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

මෙවර අයවැයෙන් දීමනා කප්පාදු වන නිසා මාර්තු 05 දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට එළඹෙන බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්වරයා මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

වෘත්තීය සමිති අරගලයක් නොමැතිව පවා මෙම රජය සමස්ථ වෛද්‍යවරුන් වෙනුවෙන් දැනෙන වැටුප් වැඩිවීමක් සිදු කරඇතැයිද අමාත්‍යවරයා කියා සිටියා.

ඒ අනුව මූලික වැටුප, නිවාඩු දින දීමනා, අමතර රාජකාරි දීමනා සහ බදු සහන මෙවර අයවැයෙන් වෛද්‍යවරුන් වෙනුවෙන් ලබා දී ඇති බව අමාත්‍යවරයා පවසනවා.

මීට අමතරව දැනට තිබෙන රුපියල් 1630 වැටුප් වර්ධකය රුපියල් 1940 දක්වා වැඩි වන බවත් දැනට තිබෙන 2170 වැටුප් වර්ධකය රුපියල් 3900 දක්වා වැඩිවන බවද පවසනවා.

6 වනදා පැවැත්වෙන සෞඛ්‍ය අමාතයංශයේ වැය ශීර්ෂය තිබෙන මොහොතක මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මෙවැනි අසාධාරණ වෘත්තිය ක්‍රියාමාර්ග සිදු නොකරන්නැයිද ඉල්ලා සිටියා.

පසුගිය පෙබරවාරි 17 ජනපතිවරයා අයවැය ඉදිරිපත් කළ පසු දින දෙකකට පසු පෙබරවාරි 06 උද්ඝෝෂණයක නිරත වන බව එක්තරා හෙද සංගමයක සභාපතිවරෙයක් ප්‍රකාශ කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළා.

වෛද්‍යවරු පසුගිය ආර්ථික අර්බුදය සමයේ විවිධ අපහසුතා විධගනිමින් තම සේවාව ඉටු කර ගත් බවත්, මේ හේතුවෙන් පැවති මහජන අරගලයේදී අද පවතින දේශපාලන වෙනස උදා කර ගන්නට වෛද්‍ය වෘත්තිකයින් සහයෝගය ලබා දුන් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

COMMENTS