ජනතාවගේ නීරෝගීතාවය වෙනුවෙන් පෝෂණය පිළිබඳ තෙවසරක අඛණ්ඩ වැඩපිළිවෙලක්

ඉදිරි වසර තුනක කාල පරිච්ජේදය සඳහා අඛ්ණ්ඩ පෝෂණ වැඩපිළීවෙළක් දියත් කිරීමට සැලසුම් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා
ඔහු මේ බව කියා සිටියේ අදට (04) යෙදී ඇති ලෝක ස්ථූලතා දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ වැඩසටහනකට එක් වෙමින්
එමෙන්ම, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රට තුළ දැනට ක්‍රියාත්මක පෝෂණ වැඩසටහනට නව අංගයන් එක් කරමින් එම කටයුතු ද ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ
මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී ක්ෂේත්‍රයේ නිරතවූවන් විසින් පෝෂණය පිළිබඳ දත්ත නිවැරදිව සැපයීම ද ඉටු කළ යුතු බවත්ඳ එම කටයුතු සාර්ථක වුවහොත් මෙරට ජනතාවගේ පෝෂණ මට්ටම, ස්ථූලතාවය තුරන් කර පිරිපුන් නීරෝගි ජනතාවක් බිහි කර ගැනීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා
ස්ථූලතාවය පිටුදකිමු බෝවන රෝග වලක්වා ගනිමු යන්න මෙවර ලෝක ස්ථූලතා දිනයේ තේමාවයි