පදවියේ වෙඩිතැබීමක් – කාන්තාවක් මරුට
පදවිය පොලිස් වසමේ බෝගහවැව ප්රදේශයේ නිවසක සිටි කාන්තාවකට ඊයේ (05) රාත්රියේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා.
තුවාලකාරිය ප්රථිකාර සඳහා පදවිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක් වන බාලයාවැව, බෝගහවැව ප්රදේශයේ පදිංචිකාරියක්.
මෙම වෙඩිතැබීම සඳහා ටී56 ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකකරයි.
වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
පදවිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.