දකුණු කොරියාව දැඩි අනතුරක ?
යූන් සුක් යෙයෝල් ජනාධිපති ධුරයේ තවදුරටත් රැඳී සිටියහොත් දකුණු කොරියාව දැඩි අනතුරකට මුහුණපාන බව එරට පාලක පක්ෂයේ ප්‍රධානියා පවසනවා.
දකුණු කොරියාවේ පාලක පක්ෂයේ ප්‍රධානියා සඳහන් කරන්නේ එරට ජනාධිපතිවරයා ධූරයේ රාජකාරී කටයුතුවලින් හැකි ඉක්මනින් ඉවත් විය යුතු බවයි.
පසුගියදා ජනාධිපතිවරයා හදිසියේ යුද නීතිය ප්‍රකාශයට පත් කළ අතර පාර්ලිමේන්තුවේ හා ජනතා විරෝධය හේතුවෙන් පසුව එය ඉවත් කිරීමට පියවර ගත්තා.
ඒත් සමග ජනාධිපතිවරයාට එරෙහිව දැඩි විරෝධයකුයි හට ගත්තේ.
ප්‍රධාන පෙළේ දේශපාලනඥයින් අත්අඩංගුවට ගැනීමට ජනාධිපතිවරයා නියෝග ලබාදී තිබූ බවට සාක්ෂි හෙළිව ඇති බව ද පාලක පක්ෂ ප්‍රධානියා නිවේදනය කරනවා.
එරට විපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඇති අතර එය ජයග්‍රහණය කිරීමට නම් පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගේ සහාය ද අවශ්‍ය වනවා.