නවසීලන්තයට තියුණු ජයක්

නවසීලන්තයට තියුණු ජයක්

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු තරග 02කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය ලකුණු 5කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

නවසීලන්තය ලැබූ මෙම ජයග්‍රහණයත් සමග තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයෙන් අවසන් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 108ක් රැස් කර ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 103ක් පමණයි.

COMMENTS