ලොහාන් රත්වත්තේ ගේ බිරිඳ රිමාන්ඩ්
![ලොහාන් රත්වත්තේ ගේ බිරිඳ රිමාන්ඩ් ලොහාන් රත්වත්තේ ගේ බිරිඳ රිමාන්ඩ්](https://www.mynewslanka.com/wp-content/uploads/2024/11/1b6fa95c-918f762e-remanded-prisoners-editd_850x460_acf_cropped.jpg)
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තගේ බිරිඳ ලබන 07 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අංක තහඩු නොමැති මෝටර් රථයක් මිරිහානේ පිහිටි ඇයගේ නිවසින් සොයා ගත් බව කියන සිද්ධියට අදාළවයි රත්වත්තේ මහතාගේ බිරිඳ මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.
ඇයට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණා.
ඒ අනුව ඉදිරිපත් වූ රත්වත්තේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ තම සේවාදායිකාව මෙම සිද්ධියට කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.
එම කරුණු ප්‍රතික්ෂේප කරමින් සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ මහතා ද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වන විට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.