ඡන්ද කාඩ් නොලැබුණු අය ලබන බදාදා ළඟම තැපැල් කාර් යාලයට යන්න

ඡන්ද කාඩ් නොලැබුණු අය ලබන බදාදා ළඟම තැපැල් කාර් යාලයට යන්න

ලබන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබූනු පුද්ගලයින්ට , ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

දීර්ඝ නිවාඩුවක් එළඹීම නිසා තැපැල් කාර්යාල වසා තැබීම ඊට හේතුව බවයි තැපැල්පති ආර්.පී. සත්කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම ඊයේ දිනයෙන් අවසන් කෙරුණා.

ඒ අනුව මෙතෙක් එම පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර ලබාගත හැකියි.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර නිවේදනය කර තිබුණේ, ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අත්‍යාවශ්‍ය නොවන බවයි.

ඒ වෙනුවට ජාතික හැදුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හා රියදුරු බලපත්‍රය ඇතුලු වලංගු අනන්‍යතා ලේඛන 9ක් එම කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළා.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව මේ වන විට 4,031 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

COMMENTS