කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවීමෙන් ව්‍යාපාරිකයන් දැඩි ගැටලුවක
කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවීමෙන් ව්‍යාපාරිකයන් දැඩි ගැටලුවකට මුහුණ පා සිටින බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම ගැටලුව කඩිනමින් නිරාකරණය කරන ලෙසයි එම සංසදය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේ.
පසුගිය අගෝස්තු මස 2 වැනිදා සිට කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවනු ලැබුවා.
ඒ අනුව නිසි ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීම හරහා නිල විදේශ ව්‍යාපාරිකයන්ට මෙරටට පැමිණීමේදී දුෂ්කරතා මතු වී ඇති බවද එහි දක්වා තිබෙනවා.
මෙම තත්වය මෙරට ව්‍යාපාර කෙරෙහි අනිසි බලපෑම් ඇතිකරන ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
අපනයන සහ ව්‍යාපාරික වර්ධනය සඳහා ජාත්‍යන්තර සහභාගිත්වය අත්‍යවශ්‍ය සාධකයක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය අවධාරණය කර සිටියා.
ජාතික ආර්ථිකයේ අනාගතය වෙනුවෙන් විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තයට විදේශ ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගිත්වය අනිවාර්ය සාධකයක් බව ද එම නිවේදනයෙන් වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.