ලබන 20 වනදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර් තමේන්තුව ප්‍රධාන කාර් යාලය වැසේ

ලබන 20 වනදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර් තමේන්තුව ප්‍රධාන කාර් යාලය වැසේ

නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල ලබන 20 වනදා සාමාන්‍ය රාජකාරි සදහා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ලබන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා එම කාර්යාලය ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් එම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව මැතිවරණ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම් සදහා ලබන 20 වනදා සාමාන්‍ය රාජකාරි සිදු නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

COMMENTS