ඡන්ද පත්රිකා 51% බෙදා අවසන්
21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් නිල ඡන්ද දැන්වීම් පත්රිකා 51%ක ප්රතිශතයක් මේ වනවිට බෙදා අවසන් කර ඇති බව තැපැල්පති පී. සරත්කුමාර මහතා පවසනවා .
ඒ අනුව මේ වන විට නිල ඡන්ද දැන්වීම් පත්රිකා ලක්ෂ 87 ක් පමණ බෙදා අවසන් කර ඇති බවයි සඳහන් වන්නේ .
තවත් ඡන්ද පත්රීකා ලක්ෂ 80 ක් පමණ බෙදා හැරීමට ඇති බවත් ඒවා ලබන 14 වැනිදා වනවිට තැපැල්කරුවන් මඟින් ඡන්දදායකයින් වෙත බෙදාහැරීමට කටයුතු කරන බවද තැපැල්පති ප්රකාශකර සිටිනවා .