ගෙයින් ගෙට කැන්වසින් යා හැක්කේ පස් දෙනෙකුට පමණයි
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙයින් ගෙට ගොස් සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතුවලදී එක් නිවෙසකට යා හැකි වන්නේ පුද්ගලයින් පස්දෙනෙකුට පමණක් බව මැතිවරණ කොමිසම පවසනවා
ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ පෙළපාලි වශයෙන් ගොස් අත්පත්‍රිකා බෙදීමට නීතියෙන් අවසර නොමැති බවයි