ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ කාන්තාවක් කොටු

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ කාන්තාවක් කොටු

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙමටගොඩ පොලිස් නිලධාරීන් වැටලීම සිදුකර තිබෙන්නේ දෙමටගොඩ පොලිස් වසමේ වෙළුවන පාර ප්‍රදේශයේදීයි.

ඇය ළඟ තිබි රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 62ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සැකකාරිය හේනේගම අකුරැස්ස ප්‍රදේශයේ කාන්තාවක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ.

පොලිස් නිලධාරී කණ්ඩායමක් අපරාධ නිවාරණ රාජකාරීවල නිරතව සිටියදී මෙම කාන්තාව පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඒ අනුවයි ව්‍යාජ මුදල් නෝට්ටු සොයා ගැනීමට හැකිව තිබෙන්නේ.

COMMENTS