IMF ගැන අනුරගෙන් සහතිකයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතාවලින් ඒකපාර්ශිකව ඉවත් වීමට කටයුතු නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ආර්ථික ඉලක්ක කරා ළඟාවීමට සැලසුම් ජාතික ජන බලවේගය සතු බව ඒ මහතා අවධාරණය කළා.
අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ තලවතුගොඩ දී පැවති ව්‍යාපාරික හමුවට සහභාගී වෙමින්.