ශ්රී ලංකාව නැවත වරක් ආසියාවේ ආශ්චර් ය කරා රැගෙන යන්න සැරසෙන නාමල්
සැප්තැම්බර් 21 වනදායින් පසු ශ්රී ලංකාව නැවත වරක් ආසියාවේ ආශ්චර්ය කරා රැගෙන යාමේ ගමන ආරම්භ කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
ජන හමුවක් අමතමිනුයි ඒ මහතා මේ බව ප්රකාශ කළේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කෙරෙන මෙම ජන හමුව දෙහිවල සරණංකර ක්රීඩා පිටියේදී පැවැත්වුණා.
ඔබ වෙනුවෙන් දියුණු රටක් තේමාවෙන් පැවති මෙම ජන හමුවේදී ජනතා නියෝජිතයන් රැසක් අදහස් දැක්වුවා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ තවත් ජන හමුවක් පුත්තලම මදුරන්කුලිය කඩයාමට්ට ප්ර දේශයේදී පැවැත්වුණා.
ජනාධිපති අපේක්ෂක නාමල් රාපක්ෂ මහතා ඇතුළු කිහිපදෙනෙකු මෙහිදී අදහස් පල කළා.