මන්නාරම දියුණු දිස්ත්‍රික්කයක් කරන්න සජිත් සැරසෙයි

මන්නාරම දියුණු දිස්ත්‍රික්කයක් කරන්න සජිත් සැරසෙයි

මන්නාරම දිස්ත්‍රික්කය දියුණු දිස්ත්‍රික්කයක් බවට පත්කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඉන්දියාව සමග ප්‍රවාහන සබඳතා දියුණුකර ඒ තුළින් දැවැන්ත සංවර්ධන යුගයක් ඇති කරන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

මන්නාරමේ පැවති සමගි ජන සන්ධානය සංවිධානය කළ ජන රැළියට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

මෙම අවස්ථාවට සමගි ජන සන්ධානය නියෝජනය කරන දේශපාලන නියෝජිතයන් රැසක් අදහස් පළ කළා.

COMMENTS