5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන නිකුත් කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන නිකුත් කෙරේ

මෙම වසරේ පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන මේ වනවිට නිකුත්වී තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 15වැනි ඉරිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙනු ඇති.

උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය සිසුන් වෙත ලබා දීමටයි කටයුතු සූදානම්කර ඇත්තේ.

විභාගය අයදුම් කළ අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇති අතර මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට හෝ පිවිසීමෙන් ලේඛනය බාගත කර ගැනීමේ හැකියාව පවතිනවා.

COMMENTS