මැතිවරණ ඉළක්ක කරගත් පොරොන්දු දේශපාලනය නොකරන බව නාමල් කියයි

මැතිවරණ ඉළක්ක කරගත් පොරොන්දු දේශපාලනය නොකරන බව නාමල් කියයි

මැතිවරණ ඉලක්ක කරගත් පොරොන්දු දේශපාලනය තමන් කිසිදාකවත් නොකරන බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ලෝක බැංකුව හෝ මූල්‍ය අරමුදල සතුටු කිරීම නොව, ගමේ දුප්පත් ජනතාව සතුටු කිරීම, තමා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය බවයි ඒ මහතා පවසන්නේ.

නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජන රැළියක් යක්කලදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැතිඇමතිවරුන් ඇතුළු ක්‍රියාකාරීන් රැසක් ජන හමුවට එක්ව සිටියා.

COMMENTS