ක්ලබ් වසන්තගේ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවෙක් කොටුවෙයි

ක්ලබ් වසන්තගේ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවෙක් කොටුවෙයි

අතුරුගිරිය ප්‍රදේශයේ දී ක්ලබ් වසන්ත නමැති පුද්ගලයා ඇතුළු තවත් අයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 31 සහ 29 වයස් කාණ්ඩවල පසුව පුද්ගලයින් දෙදෙනෙක්.

31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ අද දින දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

වයස අවුරුදු 29ක් වූ තාරුකාර වරුණ ඉන්දිකද සිල්වා නැමැත්තා ද අත්ඩංගුවට ගෙන තිබෙනවා.

අතුරුගිරිය ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගැනීම සහ වෙඩික්කරුවන් බස්‍ රථයෙන් කතරගම දක්වා රැගෙන යාම ඔහුට එල්ල වී ඇති චෝදනා වන බවයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම අත්අඩංගුවට ගැනීමේ දී ටී-56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක් සොයා ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ මෙහෙයවීමෙන්.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

COMMENTS