ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට නන්දලාල් වීරසිංහත්
ග්ලෝබල් ෆයිනෑන්ස් ආයතනය මඟින් මහ බැංකු අධිපතිවරුන් ශ්‍රේණිගත කිරීම වෙනුවෙන් වාර්ෂිකව නිකුත් කෙරෙන වාර්තාවට අනුව, ලොව ඉහළම ශ්‍රේණිගත කිරීම් ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරීපත් වීමට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සමත් වී තිබෙනවා.
ඒ අනුව, ඔහු ඒ ශ්‍රේණීය ලබාගත් අධිපතිවරුන් අතරට එක් වී ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.
මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාව 1994 වර්ෂයේ සිට ග්ලෝබල් ෆයිනෑන්ස් ආයතනය මඟින් ප්‍රකාශයට පත්කරන අතර ප්‍රධාන රටවල්, කලාප සහ දිස්ත්‍රික්ක සියයකට අධික සංඛ්‍යාවක මහ බැංකු අධිපතිවරුන් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් ශ්‍රේණිගත කිරිම්වලට ඇතුළත් කර තිබෙනවා.