අපිව අතහැරලා ගිය අය එන්න අහනවා, ජනතාවට එපා නම් මටත් එපා – මහින්ද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට කටයුතු කළ කිසිවෙකුත් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් කර නොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුරයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මංගල ජන රැළියට එක්වෙමින්.
එම ජන රැළියට එක්වෙමින් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සඳහන් කළේ තම රජයක් තුළ මහින්ද චින්තනය මත පදනම් වූ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවයි.
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන, ජන රැලි මාලාවේ මංගල රැළිය අනුරාධපුර කඩ පනහ ක්‍රීඩාංගනයේදී අද (21) පැවැත්වුණා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,
“රජරට ජනතාව ගැන විශාල ගෞරවයක් තිබෙනවා. ජයග්‍රහණ සියල්ල ආරම්භ වුණේ රජ රටින්. මේ වේදිකාව ඉස්සරහා ඉන්න හැමෝටම රට ගැන ආදරයක් තිබෙනවා. මේ ජනතාව රට පාවා දෙන්නේ නැහැ කියන එක මම දන්නවා. නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කරන්න ගත් තීන්දුව හොඳම තීරණය වෙන්න ඇති. සමහරු අප අතහැර ගියා. ඒ අය ආයේ අපේ කඳවුරට එන්න අහනවා. ජනතාව එපා කියනවා නම් මටත් එපා. ජනතාව ඉන්න තැනයි මම ඉන්නේ. 2005 දී අපි රට භාර ගන්න කොටත් මඩ ගැහුවා. එදත් සමහරු මඩ ගැහුවා. ජනතාව ඉල්ලුවේ ඊළම දෙන්න එපා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයගේ තාත්තා කොටින්ට ආයුධ ඉල්ලපු ගමන් දුන්නා. රනිල් මහත්තයා ගිවිසුම් ගැහුවා. ඔවුන් යුද්ධ කළේ නැහැ. අන්න ඒ යුද්ධය රණවිරුවන් එක්ක එකතු වෙලා අපට නතර කරන්න පුළුවන් වුණා. අපිට ඕනෑ වුණේ නූපන් දරුවන්ට යුද්ධයේ වේදනාව නොදෙන්නයි. අද සියලු ජාතීන් යුද බිය නැතිව ජීවත් වෙනවා. ඒ ගෞරවය සමස්ත ජනතාවට පුද කරනවා. අපි විඳපු අමිහිරි දේ දරුවන්ට අත්විඳින්න දෙන්න එපා.බොරු බේගල්වලට දරුවන්ට රැවටෙන්න දෙන්න එපා. යුද්ධය තියාගෙන ආර්ථික වේගය සියයට 6කට වඩා වැඩියෙන් ගෙනාවා. සෑම අතින්ම දියුණු කරන්න කටයුතු කළා.” යනුවෙන්