තායිලන්තයට පැමිණි සංචාරකයෙකුට mpox වැළදෙයි
තායිලන්තයේ වඳුරු උණ (mpox) අසාදිත රෝගියෙක් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය සතියේ අප්‍රිකාවේ සිට තායිලන්තය වෙත පැමිණි යුරෝපීය ජාතිකයෙකු තුළින් මෙම රෝගය හඳුනාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම ඔහු තායිලන්තයේ පදිංචිය සහිත 66 හැවිරිදි යුරෝපීය ජාතිකයෙක් බව පැවසේ.
එම පුද්ගලයා mpoxහි Clad 1 ප්‍රභේදයක් ද යන්න තීරණය කිරීම සඳහා පරීක්ෂණයකට භාජනය කර ඇති බවත්, ප්‍රතිඵලය සිකුරාදා වන විට ලැබෙන බවත්, එරට මාධ්‍ය වාර්තා කරනවා.
තවද, රෝගියා සමඟ සම්බන්ධ වූ පුද්ගලයින් 43 දෙනෙකු ද බලධාරීන් විසින් නිරීක්ෂණය කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.