සුනඛ සපාකෑම් වැඩි වෙලා
වසරකදී මෙරට සුනඛ සපාකෑම් 300,000ක් පමණ වාර්තා වන බව වසංගත රෝග විද්‍යායතනය වාර්තා කරනවා.
එම සුනඛ සපාකෑම්වලට ලක්වන පුද්ගලයන්ගෙන් 100,000කට පමණ එන්නත් ලබාදීමට සිදු වන බවයි පැවසෙන්නේ.
ගත වූ 2022 වසරේදී සුනඛ සපාකෑම් නිසා ලබාදී ඇති එන්නත්වලට රුපියල් මිලියන 225ක් වැය කොට තිබෙන බව වසංගත රෝග විද්‍යායතනය පෙන්වා දෙනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ජලභීතිකාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමකදී මේ බව අනාවරණය වුණා.
සුනඛ සපාකෑමකදී අදාල සුනඛයාට එන්නත් විද තිබුණත් සපාකෑමට ලක් වූ පුද්ගලයාට එන්නත් විද ගැනීම සඳහා යොමුවීම අත්‍යවශ්‍ය වනවා.
පිස්සු බලු රෝගය ඍජුව මොළයට බලපාන බවත් රෝග ලක්ෂණ මතුවීමෙන් පසු භයානක හා අවදානම් තත්ත්වයක් ඇතිකරන බවයි වසංගත රෝග විද්‍යායතනය පෙන්වා දෙන්නේ.
එබැවින් සුනඛ සපාකෑමකදී අනිවාර්යයෙන්ම ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ජීවිත අවදානම වළක්වා ගත හැකි බවයි එම විද්‍යායතනය පවසන්නේ.
සුනඛයන් අතර ජලභීතිකා රෝගය තුරන් කිරීම අත්‍යවශ්‍ය වන අතර 2030 වන විට මානව ජලභීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම අරමුණ බවද වසංගත රෝග විද්‍යායතනය පෙන්වා දෙනවා.